WELCOME YOU.

Wednesday, July 29, 2020

ශ්‍රී ලංකාව පීසීආර් 150,000 කළේ කාට ද? - July 28, 2020 By: praja.lk

PCR tests July 27, 2020 admin Health ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිවාරණ ජාතික මධ්‍යස්ථානය පීසීආර් පරීක්ෂණ 150,000ක් පැවැත්වීම පිළිබඳ අද හෙවත් ජුලි මස 27 දින ඇනුවේ ය. Translations by Creative Content Consultants මහජනතාව ලෙස අපට ප්‍රශ්න කීපයක් ඇසීමට තිබේ. මෙසේ පීසීආර් පරීක්ෂණ කරන ලද පිරිස අතර දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීදෙනෙකු සිටිනවා ද? ඔවුන් දින කීයකට වරක් පීසීආර් පරීක්ෂණවලට ලක්කරනවා ද? මේ අන්දමින් කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමේ වරප්‍රසාදය හිමි දේශපාලන හා නිලධාරි ප්‍රභූන් කවුරු ද? එම නිලධාරීන්, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන්, නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් හා කොවිඩ්-19 රෝගීන් හැර සමාජයේ පුද්ගලයන් කීදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ ද? මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජයේ කොවිඩ්-19 පැතිර තිබෙන්නට පුළුවන. කන්දකාඩු කොවිඩ්-19 පොකුරට රෝගය පැමිණියේ කෙසේ ද යන්න තවමත් හෙළිදරව් නොකරන ලද අභිරහසකි. අන්තිමට අයිඩීඑච් රෝහලෙන් පළා ගිය කොවිඩ්-19 රෝගියාගේ කතාව ද සර්ව සම්පූර්ණ නැත. මෙම තත්වය තුළ, කොවිඩ්-19 අවදානමෙන් අප රට තවමත් බේරී තිබෙන්නට හේතු දෙකක් අනුමාන කළ හැකි ය. එකක් වාසනාව ය. අනෙක සමාජයේ පීසීආර් පරීක්ෂණ සිදු කරන්නේ අවම වශයෙන් නිසා වීමයි. මහජනතාව වන අපට කොවිඩ්-19 සම්බන්ධයෙන් සැකයක් තිබේ නම්, අසාධාරණයට, හිංසනයට, පීඩාවට හා මාධ්‍ය මගින් කරනු ලබන අපහරණයන්ට ද, පවුල් සාමාජිකයන්ට පවා සමාජයෙන් සිදු වන වෙනස්කම්වලට මුහුණ නොදී පීසීආර් පරීක්ෂණයක් කරගැනීමට පහසුකම් සැලසෙන්නට තව කොපමණ කලක් යයි ද?

No comments:

Post a Comment