WELCOME YOU.

Wednesday, July 15, 2020

අතුරුදහන් වූවන් ගැන විපරම් කිරීමේ කාර්යාලයක්-BBC

අතුරුදහන් වූවන් ගැන විපරම් කිරීමේ කාර්යාලයක් 25 මැයි 2016 mangala samaraweera ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ ඇමති මංගල සමරවීර ශ්‍රී ලංකාවේ විසි දහසකට අධික අතුරුදහන් වූවන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා අභිනවයෙන් කාර්යාලයක් (OMP) පිහිටුවන අතර ඊට පුළුල් බලතල පැවරෙන බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සහ 1987 වකවානුවේ දකුණේ පැවති බිහිසුණු සමයේ දී අතුරුදහන් කිරීම් දහස් ගණනක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත විභාගයක් පැවත්වී නොමැත. එම තත්වය හමුවේ නව කාර්යාලයක් පිහිටවනු ලැබීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වත්මන් ලෝකයේ වැඩිම අතුරුදහන් වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන රට වලින් එකක් වන ශ්‍රී ලංකාව තුළ එවැනි කාර්යාලයක් පිහිටවනු ලැබීම අත්‍යවශ්‍ය උවමනාවක් වී තිබුණ බවයි විදේශ ඇමතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනයක් මගින් කියවෙන්නේ. රට පුරා දහස් ගණනක් පුද්ගලයන් අතුරුදහන් කෙරුණ පසුබිම සහ ඔවුන්ට අත් වූ ඉරණම හෙළිදරව් කර ගැනීම සඳහා නව කාර්යාලය ඔවුන්ගේ ජීවත් වෙන නෑදෑයන්ට උදව් වෙන බවයි එම ප්‍රකාශනයේ දැක්වෙන්නේ. වසර තිහකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ මැයි මාසයේ දී නිම වී දැනට වසර කීපයක් ගත වී ඇතත් අතුරුදහන් වූවන්ගෙන් අති විශාල සංඛ්‍යාවකට සිදු වූ දෙයක් තවමත් නොවිසඳුන තත්වයක පවතී. සිවිල් යුද්ධයට සම්බන්ධ මහජන දුක් ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව යාන්ත්‍රණයක් පිහිටවන බවට වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිඥාවක් දී ඇති අතර අතුරුදහන් වීම් පිළිබඳව කටයුතු කිරීම සඳහා පිහිටවනු ලබන ඉහත කී කාර්යාලය සිව් වැදෑරුම් යාන්ත්‍රණයක පළමු වැන්න වන බවයි රජය පවසන්නේ. පරණගම කොමිසම ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වූවන් ගැන සොයා බැලූ පරණගම කොමිසම ඊට අවශ්‍ය නෛතික අනුමැතිය ලබා ගැනීම සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන බවත් ආණ්ඩුවේ ප්‍රකාශනයේ දැක්වෙයි. මෙවැනි වැඩ පිළිවෙලක් ආරම්භ කරන මෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ පත් කෙරුණ Zonal කොමිෂන් සභා සහ පසුව පත් කෙරුණ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම(LLRC) මගින් ද නිර්දේශ කරනු ලැබ ඇත. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම(LLRC) කියා සිටියේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන චෝදනා පිළිබඳව විධිමත්ව විභාග කිරීමේ නිල බැඳීමක් ශ්‍රී ලංකා රජයට පැවරෙන බවයි. එහෙත් එවැනි පැමිණිලි අතිවිශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විභාගයක් පවත්වා නොමැති බව අභිනවයෙන් පිහිටුවනු ලබන කාර්යාලය(OMP) පිළිබඳව රජය නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනයේ දැක්වෙයි. ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් පිළිබඳව විභාග කරන කාර්යාලය මෙවැනි අත්දැකීම් සහිත ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වූ ආයතන වල කාර්ය පටිපාටිය අධ්‍යයනය කිරීම් මගින් පාඩම් ලබා ගන්නා බවත් එමගින් පැවසෙයි. missing peopleඡායාරූප මූලාශ්‍රය,EPA ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වූවන් සොයා මෙම වැඩ පිළිවෙල ගැන විස්තර කරමින් විදේශ ඇමති මංගල සමරවීර කියා සිටියේ අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවන ලෙස සහ එවැනි අතුරුදහන් කිරීමක් සඳහා වගකිව යුත්තන් වේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අතින් පවතින අවහිර ඉවත් කරන ලෙස නිර්දේශ කරන මෙන් අදාළ කාර්යාලයෙන් ඉල්ලා සිටීමට ඔවුන්ගේ ලඟම ඥාතීන්ට හැකි බවයි. පසුගිය ජනවාරි මාසයේ යාපනයේ දී ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ අතුරුදහන් වූවන්ගෙන් වැඩි දෙනා ජීවතුන් අතර නැතැයි තමා සිතන බවයි කියා සිටියේ.

No comments:

Post a Comment