WELCOME YOU.

Sunday, July 19, 2020

අඟුලානේ ජනතාව අවිධිමත් ලෙස ප්‍රශ්න කළ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව - July 17, 2020 July 17, 2020 admin Crime Law ‘2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීම සහ ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ පනතකි. Translations by Creative Content Consultants අපරාධයක වින්දිතයෙකු, සාක්ෂිකරුවකු, තොරතුරු සපයන්නන් සතු අයිතිවාසිකම් සහ හිමිකම් සහ රාජ්‍ය හා අධිකරණ නිලධාරීන්ගේ වගකීම් සම්බන්ධයෙන් මෙම පනත අදාළ වේ. අපරාධ නඩුවක වින්දිතයෙකුට හෝ සාක්ෂිකරුවෙකූට එම නඩුවේදී සාක්ෂි ලබා නොදෙන ලෙස බලපෑමක්, තර්ජනයක් හෝ තැතිගන්වීමක් හෝ එම නඩුවේ චූදිතයා විසින් හෝ අන් තැනැත්තෙකු විසින් හෝ කර ඇති විට ආරක්ෂාව ඉල්ලා සිටීමේ අයිතිය එම පනත මගින් තහවුරු කර තිබේ. සාක්ෂිකරුවන්ගේ හා වින්දිතයින්ගේ ගරුත්වයට හා පෞද්ගලිකත්වයට හානි සිදු නොවන පරිදි, බියගැන්වීම්, පළිගැනීම්වලින් ආරක්ෂා වන සේ සාධාරණව සැලකීමේ සදාචාරාත්මක වගකීමක් රජයට ඇත. යුක්තිය පසිඳලීමේදී වින්දිතයා සහ සාක්ෂිකරුවා නැවත වරක් වින්දිතභාවයට ලක් වීමෙන් වැළැක්වීමේ සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීමේ යුතුකමක් රජයට පවතී. අඟුලාන පොලිසිය විසින් ප්‍රදේශවාසියකු මරාදැමීමෙන් පසු පොලිසිය විසින් එම මරණයේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ආකාරයකට පොලිසියට රැගෙන යාම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවකි. හේතුව, මෙම මිනීමැරුමෙහි සැකකරුවන් අයත් වන්නේ පොලිසියට වීමයි. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවන බව ඇත්තකි. එහෙත්, මේ රටේ පාසල් අධ්‍යාපනය තුළ හෝ මූලික නීතිවයත් උගන්වන්නේ නැත. ඒ වෙනුවට පාසල්වල භාවිතා වන්නේ කැකිල්ලේ රජුගේ නීතියයි. එවැනි සංදර්භයක් තුළ පීඩිත පන්තික ජනතාවට නීතිය ගැන අවබෝධයක් නොතිබිය හැකි ය. එහෙත්, නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන් හට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වේ. කෙසේ වෙතත්, අඟුලානේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු ජනතාව විසින් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීතිය කෙරෙහි අවධානය යොමු කර තිබේ. පොලිසියට එල්ල වූ ගල්වලින් සොයාගත හැකි සාධනීය පණිවුඩයක් තිබේ නම් ඒ එයයි. මෙවැනි අවස්ථාවලදී කළ යුතුව තිබෙන්නේ ජනතාව ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම නොව, නීත්‍යානුකූලව කටයුතු කළ හැකි ආකාරය පෙන්වා දීමයි. සමාජයට නීති අධ්‍යාපනය ලබා දිය යුතුව තිබේ. වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි ආකාර: අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය, පළමු මහල, අංක 428/11A, ඩෙන්සිල් කොබ්බැකඩුව මාවත, බත්තරමුල්ල දුරකථන – 011-2879539 ෆැක්ස් – 011-2879540, witness.protection.srilanka@gmail.com අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ සිවිල් ආරක්ෂක පොලිස් කොට්ඨාසය, අංක-09, මිහිඳු මාවත, කොළඹ – 12 දුරකථන – 011-2326314 ෆැක්ස් – 011-2326307 1985 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. Adapted from praja.lk

No comments:

Post a Comment